hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 15, පෙ.ව. 5:45



විශ්ව විද්‍යාලය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ධූරයේ කටයුතු කරන රුහුණු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතා ඉකුත් පෙබරවාරි හය වෙනිදා විශ්ව විද්‍යාල පරිශ්‍රයේ කළමනාකරණ හා මුල්‍ය පිඨයේ පිහිටි සිය නිල අධ්‍යන කාමරයට ගොස් තිබුණා.

ගෑස් කාන්දුවක් වැනි දුර්ගන්ධයක් එහිදී තමාට දැනුනු බවත් ටික වේලාවකින් ක්ලාන්ත ගතියක්ද හටගත් බවත් රොහාන් ලක්සිරි මහතා ප්‍රකාශ කළා.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ සිද්ධිය සම්බන්ධයෙන් එකම ස්ථාවරය පසු වෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උපුල් අබේරත්න මහතා සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

“උපකුලපතිවරයා ඇවිල්ලා ලක්සිරි මහත්මයාගේ කාමරයේ මේ කුමන්ත් රණය පිළිබඳ සොයාගන්න තිබිච්ච පරිවේශනීය සාක්ෂි ටික විනාශ කරනවා. මේක බරපතල වරදක්. ඒ නිසා දැනටම මේ උපකුලපතිවරයා අත්අඩංගුවට පත්විය යුතු කෙනෙක්.”

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“මේ ගෑස් මේ කාමරේට යන්න ඕනේ කොහොමද? යන්න ඕන ක්‍රම දෙක මොකද මේ කාමරේ යතුර තියෙන්නේ එකක් රොහාන් ලක්සිරි මහතා අතේ. ඊළඟ යතුර තියෙන්නේ විශ්වවිද්‍යාල පාලන අධිකාරිය අතේ. මේ විශ්වවිද්‍යාල පාලන අධිකාරිය ඉතාම ඕනෑකමින් තමන්ට ඕන විදියට නටන්නැති, ආචාර්යවරුන් දඩයම් කිරීම සඳහා සැලසුම් කරපු කුමන්ත්‍රණයක ප්‍රථිපලයක්.”

මේ අතර මෙම සිද්ධියට සාධාරණ විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා පෙරේදා (15) සරසවි සිසුන් සහ ආචාර්යවරුන් පිරිසක් රුහුණ විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්වුවා.

මෙවැනි පසුබිමක සිද්ධිය සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරුන් පෙරේදා (15) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කරුණු පැහැදිලි කළා.

රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ පිඨාධිපති මහාචාර්ය වසන්ත දේවසිරි මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“එතුමා ඇවිල්ලා තියෙන්නේ කාමරේට මං දන්න තරමින් නමය හමාරට විතර වගේ. එතකොට කියලා තියෙන්නේ එක දාලා තියෙන්නේ එකහමාරට විතර වගේ. ඉතින් එහෙම මරණ කීයක් හරි මරණ තර්ජනයක් එල්ල කරනවා නම් මං හිතන්නේ ඊට කලින් ඒක මේ කාටහරි කියන්න ඕනේ කියලා.”

රුහුණු විශ්ව විද්‍යාලයේ පශ්චාත්ය උපාධි පිඨයේ පිඨාධිපති ජෙය්ෂ්ඨ මහාචාර්ය මංගල ද සිල්වා මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“නවක වදය නවත්තපු ශ්‍රී ලංකාවේ එකම විශ්වවිද්‍යාලය විදිහට මෙතන තියෙන සාමකාමී වාතාවරණය නවත්තන්න යම් යම් අය උත්සාහ දරමින් පවතිනවා. ඒ කුමන්ත්‍රණයේ ක්‍රියාදාමයේ එක් කොටසක් විදිහට තමයි මේ නාටකය රඟ දැක්වෙන්නේ.”