hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 11, ප.ව. 3:15



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ජේෂ්ඨ මහචාර්ය හිටපු උපකුලපති අතුල සේනාරත්න මහතා සහ ඔහුගේ පුත් විදුර සේනාරත්න මහතා විශ්වවිද්‍යාලය තුලදී සිසුන් සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තුවාල ලැබ අද (11) අලුයම ප්‍රතිකාර සඳහා මහනුවර හා පේරාදෙණිය රෝහල් වලට ඇතුළත් කර තිබෙනවා.

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිසුන් සහ හිටපු උපකුලපතිවරයාගේ පුත් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට හේතු වී ඇත්තේ හිටපු උපකුලපතිවරගේ  පුතා විසින් පැදවූ බව කියන කාර් රථයකට සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨය අසළ ගාල්කර තිබූ විශ්වවිද්යාල සිසුන් දෙදෙනෙකුට අයත් යතුරු පැදි දෙකක් ගැටීමයි.

හිටපු උපකුලපතිවරයාගේ පුතා විසින් පදවන ලද කාර් රථයේ යතුරු පැදි දෙක ගැටීමෙන් පසු සිසුන් හා ඔහු අතර කතා බහක් ඇතිව තිබෙනවා.

එම අවස්ථාවේ සිසුන් පිරිසක් තමන්ට පහර දුන් බවද තම වාහනයේ යතුරු පැදි නොගැටුණු බවද මාර්ගය අවහිර වන සේ නවතා තිබු යතුරු පැදි ඉවත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඒවා බිම පතිත වූ බවද හිටපු උපකුලපතිරයාගේ පුත් විදුර සේනාරත්න මහතා පොලීසියට පවසා තිබෙනවා.

විශ්වවිද්‍යාල සිසුන් 300ක පමණ පිරිසක් මෙම අවස්ථාවේදී  නියෝජ්ය උපකුලපතිවරයාගේ නිවස වටලා උද්ඝෝෂණයක් සිදු කොට ඇත.පෙරේදා (12) රාත්‍රී 9.40 ට පමණ ඇතිවූ මෙම සිද්ධිය  සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරක් මත පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (11) දහවල් වන විටත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන තිබුණේ නැහැ.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී මහාචාර්ය අතුල සේනාරත්නගේ පුත්රයා මේ වන විට රෝහලින් නික්ම ගොස් ඇති බව රෝහල් පාලනාධිකාරිය සඳහන් කළා.

පේරාදෙණිය පොලීසිය විදුර සේනාරත්න මහතා පැදවූ බව කියන කාර් රථය සහ අනතුරට ලක්වූ  බව කියන යතුරු පැදි දෙක පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය හා විශ්ව විද්යාල ආරක්ෂක අංශය පරීක්ෂණ පවත්වයි.