hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 මාර්තු 21, ප.ව. 1:01



විදුලි බිලටත් සහනයක් ලබාදීමට සූදානම් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

විදුලිබිල පිළිබඳ තීරණය කළ යුත්තේ ජූලි සහ දෙසැම්බර් මාසයේදී බවත් ජනවාරි මාසයේදී විදුලිබිල සංශෝධනය කර තිබුණානම් ජූලි මාසයේ සංශෝධනය ඇතුළෙත් සහන ලබාදීමට වැඩි ප්‍රවණතාවයක් තිබූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ජූලි මාසයේදී විදුලි බිල සංශෝධනය වීම කෙසේ සිදුවේදැයි කිව නොහැකි බවත් නමුත් දෙසැම්බර් මාසයේදී විදුලි බිල සංශෝධනය වන විට ඒ සහනය විදුලිබිලට ලබාදීමට හැකි බවත් ඔහු සඳහන් කළා.