hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 අප්‍රේල් 19, පෙ.ව. 9:13



විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර තිබෙනවා.

එහි දක්වා ඇත්තේ, මැයි මස අවසන් වන විට නව විදුලි බල පනත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කෙරෙන බව යි.

තව ද ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධීකරණයට කාර්යාංශයක් පිහිටුවීමට ත්, සංවර්ධන නියෝජිත ආයතන වන ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, USAID ආයතනයේ සහ JICA ආයතනයේ සහය එම ක්‍රියාවලියට සහ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙළට ලබා ගැනීමටත්, මූල්‍ය සහ මානව සම්පත් විගණන අවසන් කිරීමට ත් සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය 2023 වර්ෂයේ ඔක්තෝබර් මස අවසන් වන විට සම්පූර්ණ කිරීමටත් එලෙස අනුමැතිය ලැබී තිබෙනවා.