hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 පෙබරවාරි 14, පෙ.ව. 6:37



හයිලෙවල් මාර්ගයේ ප්‍රධාන මංසන්ධියක් වන පන්නිපිටිය මංසන්ධියේ වර්ණ සංඥා ක්‍රියාවිරහිත වීම හේතුවෙන් රියදුරන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

මෙලෙස වර්ණ සංඥා ක්‍රියාවිරහිත වී ඇත්තේ අධික විදුලි බිලක් ලැබීමෙන් පසු විදුලි බල මණ්ඩලය එම වර්ණ සංඥා පුවරු සඳහා ලබාදී තිබූ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන්.

මාර්ග සංවර්ධන අධිකාරිය එම විදුලි බිල මෙතෙක් ගෙවා නොමැති බවයි වාර්තා වන්නේ.

පන්නිපිටිය මංසන්ධිය හරහා දිනකට වාහන දහස් ගණනක් ගමන් කරන අතර වර්ණ සංඥා ක්‍රියාවිරහිත වීම හේතුවෙන් අනතුරුද බහුල වී ඇතැයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

වර්ණ සංඥා ක්‍රියාවිරහිත වී තිබුණද පොලිස් නිලධාරියෙකු හෝ එම ස්ථානයට යොදවා රථ වාහන පාලනය කිරීමට කටයුතු යොදා නැතැයි වාර්තාවනවා.