hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 16, පෙ.ව. 11:01



වීදි පහන් සඳහා මහජනා උපයෝගීතා කොමිසම නිර්දේශයක් ලබා දී ඇති බව විදුලබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ මේවන විට විදුලිබල අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.

නිකරුණේ දැල්වෙන වීදි පහන් වෙනුවට පළාත් පාලන ආයතන මට්ටමින් සහ මාර්ග සංවර්ධන අධිකාරය මට්ටමින් ක්‍රියාත්මක වන වීදි පහන් සඳහා අය ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

එය පළාත් පාලන ආයතනවලින් අය කිරීමට සූදානම් බවයි ඔහු සඳහන් කළේ.

පළාත් පාලන ආයතන සතු උපයෝගී සේවාවන් ලබාදීමේදී ප්‍රමුඛතම වගකීමක් මාර්ග ආලෝකන පද්ධති විධිමත්ව පවත්වාගෙන යාම මහනගර සභා සහ නගර සභා ආඥාපනත් අනුව මෙන්ම ප්‍රාදේශීය සභා පනත අනුව තම බල ප්‍රදේශයේ මාර්ග ආලෝකන පහන් පද්ධතිය ස්ථාපනය සහ නඩත්තුව ඒ ඒ පළාත්පාලන ආයතනවලට පැවරී තිබෙනවා.

පාර, මාවත්, මංතීරු, වීථි, මහා මාර්ග සහ උමං මාර්ග ද චතුරස්‍ර ඇතුලු පොදු විනෝදාස්වාදන ප්‍රදේශ සහ උද්‍යාන වලද රාත්‍රී ආලෝකනය පළාත් පාලන ආයතන මඟින්ද අධිවේගී මාර්ගවල ආලෝකන කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මඟින්ද සිදුකරනු ලබනවා.