hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 19, පෙ.ව. 9:59



විදුලි බිල වැඩි කිරීම නීතියට අනුකූලව සිදුවූයේ දැයි විමසා බැලීම සඳහා තමා නීතියේ හමුවට යෑමට තීරණය කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ ඔස්‌ට්‍රේලියාවේ සිට සූම් තාක්‍ෂණය ඔස්සේ මාධ්‍යයට අදහස් පළ කරමින්.

කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන්ට බලපෑම් කර විදුලිබිල වැඩිකිරීම් කර තිබෙන බව පෙනී යන්නේ යැයි ද හෙතෙම සඳහන් කළා.