hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 14, ප.ව. 4:07



ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් වර්ෂයේ දී (2021) රුපියල් බිලියන 22ක පාඩුවක් ලබා ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව විසින් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති මහ බැංකු වාර්තාවේ සදහන් වනවා.

2020 වර්ෂයේ දී විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 69.2ක්.

විදුලිබල මණ්ඩලය විසින් බැංකු අංශයෙන් ලබාගත් කෙටි කාලීන ණය සහ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ස්වාධින බලශක්ති නිෂ්පාදකයින් වෙත ගෙවිමට ඇති මුදල 2020 වර්ෂය අවසානයේ දි රුපියල් බිලයන 208.4ක්ව පැවති අතර 2021 වර්ෂය අවසානයේ දි එම මුදල රුපියල් බිලියන 237.8 දක්වා ඉහලගොස් ඇති බවද මහ බැංකු වාර්තාවේ සදහන්.  

මෙම වර්ෂයේ මුල් මාස කිහිපය තුල දේශිය ඉන්ධන මිල ගණන් සදහා සිදුකළ සංශෝධන මෙන්ම ගෝලිය බලශක්ති මිල ගණන්වල සිදුවිය හැකි ඉහලයාම හේතුවෙන් 2022 වර්ෂය තුලද විදුලිබල මණ්ඩලයේ පාඩුව තවත් ඉහලයා හැකි බවද මහ බැංකුව පෙන්වා දී තිබෙනවා.

විදුලි ගාස්තු සදහා පිරිවැය පිළිබිඹු කරන මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරිම හා 2014 වර්ෂයේ සිට විදුලි ගාස්තුවල සංශෝධනයක් සිදුනොවිම සැලකිල්ලට ගෙන විධිමත් කාලපරාසයක් තුල විදුලි බිල සංශෝධනය කිරිමේ අවශ්‍යතාවයද  මහබැංකු වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ(13) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ යම් හෙයකින් විදුලි බිල වැඩි නොකලොත් බිලියන 230ක පාඩුවක් විදුලිබල මණ්ඩලයට දැරීමට සිදු වෙන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: