hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 15, පෙ.ව. 10:08



ලංකා පිගන් සංස්ථාවට අයත් කිසිදු නිෂ්පාදනයක් සිදුනොවන කම්හල් 06ක් සඳහා වාර්ෂිකව නිෂ්පාදන පිරිවැය හා පරිපාලන වියදම් වශයෙන් රුපියල් මිලියන 08ක පමණ මුදලක් වැය කිරිමට සිදුවී තිබෙනවා.

මේ බව හෙළිදරව් වූයේ ජාතික විගණන කාර්යාලය මගින් පිගන් සංස්ථාව සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින්.

පිගන් සංස්ථාවට අයත් කම්හල් භුමි 09න් 07ක ඉඩම්වල අයිතිය සංස්ථාවට පවරා ගැනීමට නොහැකි වීම හේතුවෙන්  කම්හල් බදු දීමද ගැටළුවක් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම තත්වය නිසා මෙම කම්හල් බදුදිම සම්බන්දයෙන් 2010 වර්ෂයේ දි අනුමත කළ අමාත්‍ය මණ්ඩල තිරණය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවද විගණනය මගින් අනාවරණය වී තිබෙනවා.

මේ වනවිට ගැසට් පත්‍රයක් මගින් මහියංගණ සහ එරගම කම්හල් වල ඉඩම් පමණක් සංස්ථාව විසින් පවරාගෙන තිබෙනවා.

2012 වර්ෂයේ සිට පිගන් සංස්ථාවට අයත් අනිකුත් ඉඩම්වල අයිතිය පවරා දීමට කටයුතු කරන ලෙස රේඛිය අමාත්‍යංශය වෙත දැනුම් දි ඇතත් මේ වනතෙක් එම කම්හල්වල ඉඩම්වල අයිතිය පැවරීමක් සිදුකර නොමැති බව විගණන වාර්තාවේ සදහන්.

ලලිත් චාමින්ද