hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2023 ජූලි 30, ප.ව. 1:54



මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම යුටියුබ් නාලිකාවක සිදුකළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

ඒ කෝටි එකහමාරක් වටිනා රත්තරන් තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගත් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා ලිපියකින් දැනුම් දෙමින් එම භාණ්ඩ නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු වූ නාගානන්ද කොඩිතුවක්කු විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ සිදු කළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් ප්‍රකාශකයක් ලබා ගැනීමටයි.

පෙබරවාරි මාසයේ මෙරටට පැමිණෙමින් සිටි කාන්තාවක් මිලියන 15කට අධික වටිනාකමින් යුත් රන් වළලු හයක් සහ රන් මාල දෙකක් නීති විරෝධී ලෙස රැගෙන යෑමට තැත්කිරීමේ දී කටුනායක ගුවන් තොටුපොළ පර්යන්තයේ දී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

රේගු පරීක්ෂණයේ දී කාන්තාව නීති විරෝධී ලෙස භාණ්ඩ රැගෙනවිත් ඇති බවට තීරණය වූ නිසා රුපියල් ලක්ෂයක දඩයක් භාණ්ඩ රාජසන්තක කිරීමට රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා නියෝග කර තිබූ අතර රාජසන්තක කරන ලද එම කෝටි 1 1/2 රත්තරන් තොගය නිදහස් කරන ලෙස වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා විසින් රේගු අධ්‍යක්ෂක ජනරාල් වෙත ලිපියකින් දැනුම් දී තිබු බවද සඳහන්.

රේගු අධ්‍යෂක්ෂ ජනරාල් පී.බී.එස්.සී නෝනිස් විසින් බණ්ඩානායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ අධ්‍යක්ෂවරයාට සිය අත්සන සහිතව ලිඛිතව දන්වා සිටිමින් BIA/CASE/O11/2023 රේගු නඩුවේ විමර්ශන නියෝගය සම්බන්ධව 2023.02.27 දින හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන විසින් කරන ලද ඉල්ලීම අනුව මේ ලිපිය යොමු කරන බව එම ලිපියේ සඳහන්.

අභියාචනා කමිටු නිර්දේශ මත රේගු ආඥා පනතේ 2 විධිවිධාන යටතේ තමන් වෙත පැවරී ඇති බලතල අනුව අධීක්ෂණය නිලධාරියා විසින් ලබාදුන් පෙර රාජසන්තක කිරීමේ නියෝගය මෙම ලිපියෙන් ඉවත් කරන බවද රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා බන්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපල රේගු අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී තිබුණා.

පසුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පැවැති අදාළ බදු අයකර ගැනීම මත මෙම රන් ආභරණ නිදහස් කිරීමට ද රේගු අධ්‍යක්ෂකවරයා නියෝග කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: