hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 10, පෙ.ව. 10:24



ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටේ රාජ්‍ය යාන්ත්‍රණයට  මූල්‍යමය වශයෙන් බරපතල බරක් හෙයින් එම ආයතනය රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස රටේ ජාතික ආර්ථිකයට සිදුකරන අහිතකර බලපෑම සම්බන්ධයෙන් විශේෂයෙන් මැදිහත් වන ලෙස   කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදි අද (10) රජයෙන් ඉල්ලිමක් කළා.

ඔහු මෙම ඉල්ලීම කළේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

චරිත හේරත් මහතා මෙසේද සඳහන් කළා.

“ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වර්තමාන තත්ත්වය සහ පසුගිය ක්‍රියාකාරීත්වය ගැන විමර්ශනය කරන්න අනුකමිටු තුනක් පත්කළා.  විශේඥ කමිටුවත් ඒ වගේම අමාත්‍යාංශය මුල්කරගත්ත රාජ්‍ය පැත්තෙන් මෙහි අනාගත ව්‍යාපාරික සැළැස්ම පිළිබඳව ඉදිරිපත් කරන ලද වාර්තාවකුත් ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනාගත මූල්‍ය අරමුණු , අනාගත ව්‍යාපාරික සැළැස්ම පිළිබඳව කරන ලද සාකච්ඡා තුනක් අපි මේකට ඇතුළත් කළා. සාකච්ඡා තුනේදි  අපේ කමිටුවේ නිර්දේශය වුණේ  මේ ගරු සභාව මේ රාජ්‍ය ව්‍යාපාරය පිළිබඳව බරපතල ආකාරයෙන් කල්පනා කළ යුතු බවයි. ‍ කෝප් කමිටුවේ මෙවර වාර්තාව හා සම්බන්ධ ශ්‍රි ලංකන් ගුවන් සමාගම රාජ්‍ය ව්‍යාපාරයක් විදිහට අප රටේ ජාතික ආර්ථිකයට කරන බලපෑම සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මේ සභාවට වාර්තාව පිළිගන්වනවා.”