hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 17, ප.ව. 1:30



කුකුළු මස් අලෙවි කරන මුවාවෙන් ඉතා රහසිගත ලෙස බලපත්‍රයක් නොමැති ගව මස් හා ගෝනා මස් අලෙවි කරමින් සිටි කුකුළු මස් වෙළෙන්දෙකු ඉමදුව නගරයේ දි අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලීසිය පවසයි.

මෙම කුකුළු මස් වෙළෙන්දාට කුකුළු මස් අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් තිබෙන අතර එහෙත් මොහු ඉතා සුක්ෂ්ම ලෙස කාලයක් තිස්සේ කුකුළු මස් අලෙවි කරන මුවාවෙන් ගව මස් හා ගෝන මස් විකිණිමේ ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඉමදුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක උදිත කුමාර මහතාට ලැබුණු තොරතුරකට අනුව පොලිස් උපයාදුතයකු යොදවා කරනු ලැබු වැටලීමකදී මෙම කුකුළු මස් වෙළෙන්දා ගව මස් කිලෝ 32ක් හා ගෝනා මස් කිලෝ 04ක් හා ග්රෑම් 500ක් සමග කොටු කරගෙන තිබෙනවා.

මෙම කුකුළු මස් වෙළද සැලට නුදුරින් විහාරස්ථානයක් ද තිබෙන අතර මොහු ඉතා සුක්ෂම ලෙස ගව මස් විකිණිමේ ජාවාරම කරගෙන ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරි නඩු දිනයකදි ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඉමදුව පොලිස් ස්ථානාධිපති  පොලිස් පරික්ෂක උදිත කුමාර, පො.සැ 54802 ධනවංග, පො.සැ 59463 සුමිත්, පො.සැ 18452 ජයරත්න, පො.කො 87517 චාමර, පො.කො 90199 තාරක යන නිලධාරින් විසින් මම වැටලීම සිදු කර තිබෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද