hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූනි 26, පෙ.ව. 4:50



සත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී භාවිත කිරීම වළක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, සත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී ඍජුව ම භාවිත කිරීම හෝ අනියම් ආකාරයකින් සත්ව ආහාර නිපදවීම සඳහා යෙදවුමක් ලෙස භාවිත කිරීම, විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, තොග රැස්කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදාහැරීම හෝ මිලදී ගැනීම සිදුකළ නොහැකි බව පාරිභෝගික කටයුතු අධිකාරිය එමගින් දැනුම් දී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා සදහන් කළේ මොන තරම් ගැසට් ගැහුවත් හිමි කෝටි 12ක් පමණ නිසා සතුන්ගේ කුසගින්න නිවෙන්නේ නැති බවයි.

මිනිසුන් බඩගිනි වූ විට ආහාර සොයා ඇවිද ගියත් කොටු කර ඇති සතුන්ට එලෙස ගැසට් කියවා තේරුම් ගැනීමට හැකියාවක් නොමැති බවද ඒ මහතා සදහන් කලා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“සත්තු බඩගින්නෙ තියන්න බැරි හින්දා ගෙදර තියෙන හොඳ හාල් ටික හරි සත්තුන්ට දෙන්න ඕන. හැබැයි රජය ගතයුතු එකම පියවර කෝටි 12ක් විතර ඉන්න සත්තුන්ට කන්න දෙන්න ඕන කියන එක. ඉතින් රජය දැනගන්න ඕනේ මේ සතුන්ට බඩඉරිඟු දෙන්න තෙල් පෝර හිග නිසා බඩඉරිඟු හැදුනේ නැහැ කියන එක. දැන් බඩඉරිඟු ලංකාවේ කොහෙවත් නැහැ. ස්ටොක් එකකුත් නැහැ. ඉතින් හදිස්සි පියවරක් ගන්න වෙනවා. නැත්තම් මේ සත්තු බඩගින්නේ. බිත්තර නිෂ්පාදනය , මස් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ නිසා වහාම පිටරටින් බඩඉරිඟු ආනයනය කළ යුතුයි.”