hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මැයි 03, පෙ.ව. 10:47



මුල්ලේරියාව එදිරිවීර සරත්චන්ද්‍ර විද්‍යාල භූමියේ පැවැති බක්මහ උළෙලේදී සැඟවුණු අමුත්තා දැයි පිටට තට්ටු කොට ඇසුවා යැයි උරණවී එකොළොස් හැවිරිදි දරුවකුට පහරදී තුවාල කළැයි පොලීසිය අත්අඩංගුවට ගත් පුද්ගලයකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංග මහවත්ත මහත්මිය ඊයේ (02) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හිඹුටාන පාර, අංගොඩ පදිංචි ශ්‍රීමාල් පෙරේරා නමැත්තායි.

මෙම අවුරුදු උත්සවයට සැකකරු සහ තවත් පිරිසක් පැමිණ එය නරඹමින් සිට ඇති අවස්ථාවේදී පහරකෑමට ලක්වූ එකොළොස් හැවිරිදි දරුවා සැකකරු අසලට පැමිණ “අංකල් ඔයාද සැගවුණු අමුත්තා” යැයි පිටට තට්ටු කරමින් ඇසූ අවස්ථාවේදී සැකකරු ඉතාමත් පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවත් එහිදී දරුවා සිය පියාට මේ බව පවසා ඇති බත් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

පසුව දරුවාගේ පියා සහ තවත් කිහිප දෙනකු පැමිණ “දරුවට කුණුහරුපයෙන් බැන්නේ ඇයිදැයි” විමසා ඇති අතර එහිදී ඇතිවූ බහින්බස්වීමෙන් පසු සැකකරු සහ ඔහු සමග පැමිණ සිටි පිරිස දරුවාටත් ඔහුගේ පියාටත් තවත් කිහිප දෙනකුටත් පහරදී ඇතැයි පැමිණීල්ලේ සදහන්වන බව පොලීසිය අධිරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට ඇප නියම කරමින් නඩුව ලබන 30 වැනිදා තෙක් කල් තැබුවා.