hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 28, පෙ.ව. 4:38



මේ දිනවල පවතින අධික උෂ්ණත්වයක් සමඟ දරුවන්ට වැඩි වැඩියෙන් ජලය පානය කිරීමට සහ විනාඩි විස්සක් ජලයේ සිටීමට (නෑමට) ඉඩ සැලසීම ඉතා සුදුසු බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

පෙබරවාරි මාර්තු අප්‍රේල් මාස වල පවතින අධික උෂ්ණාධික කාලගුණය තත්වයෙන් දරුවන් මුදා ගැනීමට මෙම ක්‍රමයන් භාවිතා කිරීම ඉතා යෝග්‍ය බවද ඒ මහතා සඳහන් කළා.

විශේෂඥ වෛද්‍යවරයා මෙසේද අදහස් දක්වා සිටියා,

“පෙබරවාරි මාර්තු අප්‍රේල් මාස වල ලංකාවට හිරු මුදුන් වෙනවා. ඒත් එක්කම අධික උෂ්ණත්වය රට තුළ පවතිනවා. ඒ වගේම මේ දිනවල දරුවන් ක්‍රීඩා තරඟ වලට, අවුරුදු උත්සව වලට සහභාගි වෙනවා. එහෙම යන දරුවන් වෙනදා බොනවාට වඩා වතුර පානය කිරීම ඉතා වැදගත්. වෙන දා පාසලට වතුර බෝතලයක් අරං ගියානම් දැන් වතුර බෝතල් දෙකක් අරන් යන්න. මේ දිනවල වැඩිපුර වතුර පානය කළේ නැත්නම් දරුවන් විජලන තත්ත්වයට පත්වෙලා තාප කම්පන තත්ත්වයට පත් වෙලා ඇද වැටෙන්න පුළුවන්. හේ වගේම ඒ තත්ත්වය දරුවාගේ හෘදයට, මොළයට බලපානවා. හමේ රෝගත් වැඩි වෙන්න පුළුවන්. දඳ, බිබිලි එන්න පුළුවන්. ඒ වගේම දරුවෙකුට දවසේ විනාඩි විස්සක්වත් වතුරේ ඉන්න දෙන්න. මේ ගැන දෙමව්පියන් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න.”