hit counter

2026 අගෝස්‍තු මස 04 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 03, ප.ව. 4:22



ඉන්ෆ්ලුවන්සා A වෛරසය දරුවන් අතරේ වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

පවතින උෂ්ණ අධික කාලගුණික තත්ත්වය හේතුවෙන් ළමුන් මෙන්ම වැඩිහිටියන් වැඩි වශයෙන් ජලය පානය අත්‍යවශ්‍ය බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරනවා.

ඉන්ෆ්ලුවන්සා A වෛරසය මෙන්ම ඉන්ෆ්ලුවන්සා B වෛරස තත්ත්වයත් යම් අවස්ථාවල දැක ගැනීමට හැකි බව ඔහු පවසනවා.

රෝග ලක්ෂණ වශයෙන්  කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, සොටුගැලීම, කිවිසුම් යෑම සහ කඳුළු ගැලීම හා කබ ගැලීම ආදි තත්ත්වයන් පෙන්නුම් කරන බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා.