hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 18, ප.ව. 12:20



ආර්ථික දුෂ්කරතා හේතුවෙන් වයස අවුරුදු 14 සහ 15 අතර වන දරුවන් තිදෙනෙකු රැකියා සොයා නිවෙස් වලින් පන ගොස් ඇති බව වෙන්නප්පුවෙන් වාර්තා වෙනවා.

වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය පවසන්නේ පසුගිය 14 වෙනිදා මෙම දරුවන් තම නිවෙස් වලින් පැනගොස් ඇති බවයි.

නිවෙස්වලින් පලාගොස් සිටින මෙම දරුවන් තිදෙනා වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දරුවන් බවයි පැවසෙන්නේ.

ඔවුන්ගේ මවුපියන් කම්කරුවන් ලෙස සේවය කරන අය බවයි කියන්නේ.

මේ දරුවන් තිදෙනා අතරින් එක දරුවෙකු තම අත්අම්මාට පවසා ඇත්තේ ආර්ථීක අපහසුතාවලින් පෙළෙන නිසා රැකියාවක් සොයා යෑමට අවශ්‍ය බවයි ඒ නිවසෙන් යාමට දින කිහිපයකට පෙර දිනක යි.

අනෙක් දරුවන් දෙදෙනා නිවෙස්වලින් පිටව ගොස් ඇත්තේ සංගීත සංදර්ශනයක් නැරඹීමට යනවා කියමින් බව පොලීසිය සඳහන් කරනවා.

රැකියාවක් සොයා යන බව පැවසූ බව කියන දරුවා, මිතුරු දරුවන් දෙදෙනාද ඔවුන්ගේ නිවෙස්වලින් පිටමං කරගෙන ගොස් ඇති බවද පොලිසිය පවසනවා.

එම බාල වයස්කාර දරුවන් දෙදෙනාද රැකියා සොයාගෙන යන්නට ඇති බවට පොලීසිය සැක කරනවා.

මෙම දරුවන් තිදෙනා ගැන තවම කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.