hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 30, පෙ.ව. 8:25



මේ දිනවල කුඩා ළමුන් අතර ඉතා වේගයෙන් පැතිරයන උණ රෝග තත්ත්වයක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝ‍හලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඉන්ෆ්ලුවෙන්සා මෙන්ම ඩෙංගු උණ රෝගීන් ද බහුලව වාර්තා වන බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා,

“මේ දිනවල අපේ ළමයි අතර උණ රෝග කිහිපයක් පැතිරෙනවා. විශේෂයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා රෝගය සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ තියෙන රෝගීන් සහ ඩෙංගු තාමත් අපේ පරිසරයේ තියෙනවා. විශේෂයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා රෝග විදිහට අපි දකින්නේ, රෝග ලක්ෂන සඳහන් කළොත්, උණ සමග කැස්ස, හෙම්බිරිසාව සමහර අයට වමනය යනවා. 

ඉතින් ඔය රෝග ලක්ෂණ තියෙන් පුළුවන් ඉන්ෆ්ලුවෙන්සාවලටත් වෙනත් වෛරස්වලට ඉතින් ඒ රෝග ලක්ෂණ තියෙන අයට විශේෂයෙන්ම කියන්නේ, ගෙදර ඉන්න පුළුවන්නම් ඉන්න. ඒ ළමයිට විවේකය ලබාදීලා, දියර ආහාර ලබාදීලා, පැරසිටමෝල් මාත්‍රාවක් ලබාදීලා ගෙදර තියාගන්න පුළුවනම් හොඳයි. 

හදිස්සිම අවස්ථාවක එළියට යනවානම් මාස්ක් එකක් දාගෙන යන්න. ගෙදර වුණත් මාස්ක් එකක් දාගෙන ඉන්න පුළුවනම් හොඳයි. මොකද ගෙදර අයට බෝවෙන්න පුළුවන්. විශේෂයෙන්ම මොන්ටිසොරි, ඩේ කෙයාර් සෙන්ටර්වලට යන ළමයින්ට රෝග ලක්ෂණ තියෙනවානම් ගෙදර තියාගන්නවානම් හොඳයි. උණ දවස් දෙකකට වැඩියෙන් තියෙනවා නම් මේක ඩෙංගු වෙන්න පුළුවන්. දවස් තුනකට වැඩිය උණ තිබුණොත් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරලා බලාගන්න. ඩෙංගු තියෙනවා නම් රුධිර පට්ටිකාවල අඩුවක් තියෙනවා නම් වහාම රෝහල්ගත වෙන්න.” යැයි වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.