hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 08, පෙ.ව. 7:03



ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති උග්‍ර ආර්ථීක අර්බුදය හමුවේ ජනගහණයෙන් 28%ක් ආහාර අනාරක්ෂිතතාවෙන් පීඩා විඳින බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

එළැඹෙන වසරේ පෙබරවාරි වන විට එම ආහාර අනාරක්ෂිතතාව උග්‍ර මට්ටමක් දක්වා වර්ධනය විය හැකි බව එම සංවිධානය වාර්තාවක් නිකුත් කරමින් පුරෝකථනය කරයි.

දරුවන් උදෙසා මානූෂීය ක්‍රියාමාර්ග යන්න පදනම් කර ගනිමින් යුනිසෙෆ් සංවිධානය මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ ඊට පිළියම් ලෙස ආධාර සපයා ගැනීමේ අපේක්ෂාවෙනුයි.

වර්තමානයේ මෙරට මුහුණ දී ඇති උග්‍ර ආර්ථීක අර්බුදය හමුවේ දරුවන් ඇතුළු මෙරට පවුල් ඒකක මුහුණ දී ඇති අසීරුතා පෙන්වා දී තිබෙන අතර මෙරට ලක්ෂ 62ක ජනතාවක් මේ වනවිට ආහාර අනාරක්ෂිතතාතවකට මුහුණ දී ඇති බව යුනිසෙෆ් වාර්තාවේ සඳහන් වෙනවා.

එම සංඛ්‍යාව මෙරට ජනගහණයෙන් 28%ක් වන අතර මෙම තත්ත්වය එළැඹෙන පෙබරවාරි වනවිට උග්‍ර අතට හැරෙනු ඇති බව ඔවුන් පුරෝකථනය කරයි.

මෙරට සෑම ගෘහ ඒකක 5කින් 2ක්ම සිය සමස්ත ආදායමෙන් 75%කට වැඩි මුදලක් ආහාර පාන අවශ්‍යතා වෙනුවෙන් වැය කරන බවත් මේ හේතුවෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන අංශවලට අවධානය හීන වීම නිසා එය අර්බුදකාරී වතාවරණයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බව ඔවුන් සඳහන් කරයි.

මෙරට තුළ ලක්ෂ 28ක දරුවන්ට සහ කාන්තාවන්ට පෝෂණ සේවාවන් අවශ්‍යව ඇති බවද යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.