hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 05, ප.ව. 12:58



ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලුම පුරවැසියන්ට දන්වා සිටින්නේ ළමයින් පිළිබඳව කටයුතු කිරීමේදී වගකීමෙන් සහ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට කටයුතු කරනා ලෙසයි.

දරුවන්ගේ පෞද්ගලිකත්වය හෙළිවන ආකාරයට ඡායාරූප, වීඩියෝ සහ ප්‍රකාශනයන් ආදී විවිධ තොරතුරු මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බහුලව සංසරණය වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ සංවේදී කරුණු සමාජයට නිරාවරණය වීම තුළින් දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ අනන්‍යතාව මෙන්ම දරුවාගේ පවුල් පසුබිම පිළිබඳ තොරතුරු අනාවරණය වීම හරහා එය දරුවන්ගේ මානසිකත්වයට සහ පෞරුෂත්ව සංවර්ධනයට ඍණාත්මක බලපෑම් සිදු කරනා බව එම අධිකාරිය පවසයි.

එමෙන්ම දරුවන්ගේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැරීම හරහා එම ඡායාරූප සහ වීඩියෝ දර්ශන සංස්කරණය කර අවභාවිතයට ගැනීමත්, එමගින් එම ළමයින් අන්තර්ජාලය ඔස්සේ සිදුවන ළමා අපයෝජනයන්ට ලක්වීමේ ප්‍රවනතාවක් ඇති බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබෙනා පැමිණිලි මගින් අනාවරණය වී ඇති බව සඳහන්.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: