hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 04, පෙ.ව. 7:04



වෛරස් උණ රෝගය වැළඳීම හේතුවෙන් දෛනිකව ළමුන් 60ත් 70ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගත වනබව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පැවසු‍වේ ඒ අතර ඩෙංගු රෝගීන්ද වන බවයි.

වෛරස් උණ, ඩෙංගු සහ කොරෝනා යන රෝග තුනම මේ වනවිට සමාජය තුළ ව්‍යාප්තව පවතින බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවද ඔහු පැවසුවා.