hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 ජූලි 30, පෙ.ව. 6:12



අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා නිරීක්ෂණ කටයුතුවල නිරත චීන පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 ලබන අගෝස්තු 11 වනදා ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ළඟා වීමට නියමිත බව ඉන්දීය රජය ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දියාවේ ආරක්ෂාව සහ ආර්ථිකය කෙරෙහි බලපාන ඕනෑම සිදුවීමක් ඉන්දීය රජය ඉතා අවධානයෙන් නිරීක්ෂණය කරන බවත් එවැනි සිදුවීමකදී ඉන්දියාවේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක අරින්දාම් බග්චි මහතා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කොළඹ සිටින ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයට වාචිකව තම විරෝධතාව ප්‍රකාශ කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

‘ද හින්දු’පුවත් පත ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයෙන් කළ විමසීමකදී යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට පැමිණෙන බවට කිසිඳු තහවුරු කිරීමක් නොමැති බවට ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසූ බවයි එම පුවත් පත වාර්තා කර තිබුණේ.