hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 11, පෙ.ව. 10:13



හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂක අංශ ප්‍රධානියා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්ෂක අංශ ප්‍රධානියා, අරලියගහ මන්දිරයේ උත්සවයේ සම්බන්ධීකාරක සහ කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගන්නා බව වාර්තා වනවා.

ඒ අරලිගහ මන්දියර සහ ගාලුමුවදොර ප්‍රදේශවල පසුගිය දිනවල සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන්.

අද (11) උදෑසන 6.00ට අදාළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කර තිබෙනවා. 

එම සිද්ධීන් පිළිබඳව විමර්ශන කරන ලෙස නීතිපතිවරයා කළ නියෝගයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන්කරගන්නා බවත් ඉදිරියේදී තවත් පිරිසකගෙන් ප්‍රකාශ සටහන්කරගැනීමට නියමිත බවත් පොලිසිය සඳහන් කළා.