2024 ජූනි 09, පෙ.ව. 12:20
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසන්නේ මෙරට සිගරට් හා දුම්කොළ භාවිතය අකර්මන්‍ය හා අධෛර්ය කිරීමට බදු ප්‍රතිපත්ති වඩා දැඩි කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් ලෝකයේ සිගරට් හා දුම්කොළ ප්‍රචාරණ ක්‍රමවේදයන් පිළිබදව නවතම සම්මතය වන ප්‍රචාරයන් රහිත සිගරට් අසුරණ “පේන් පැකේඡ්” ක්‍රමවේදය අනුගමනය කිරීමරට කටයුතු කළයුතු බවත්ය.
ඔහු මේ බව සඳහන් කළේ ලෝක දුම්කොළ විරෝධී ජාතික දිනයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය එක්ව ජනතාව දැනුවත් කිරීම උදෙසා සංවිධානය කළ විශේෂ වැඩසටහනට සහභාගී වෙමිනි.
එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ මෙරට බෝවන රෝගවල සිට බෝනොවන රෝගවලට පරිවර්ථනය වෙමින් ඇති බවත්, වර්තමානයේ අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග, ආඝාතය, පිළිකා, ස්වසන රෝග ආදිය බහුල වීමට දුම්වැටි භාවිතය එක් මූලික හේතුවක් බවයි.
දුම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතය අඩුකර ගතහොත් ලොව ජිවත්වීමේ වැඩිම ආයු කාලයක් සහිත රටවල්වල තත්ත්වයට ශ්‍රී ලංකාවටද යා හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එම අවස්ථාවේදී මෙරට මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් දුම්කොළ භාවිතයෙන් මෙරට ජනතාව මුදා ගැනීම සදහා සිදු කරන මෙහෙවර අගයමින් විශේෂ සහතිකයක් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ අධ්යක්ෂවරයා වෙත පිරිනැමීය.
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:15
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:13
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:08
30-10-24
30-10-24
11-03-24
11-03-24
25-02-24
25-02-24
17-12-23
17-12-23
16-11-22
16-11-22
21-09-22
21-09-22
20-09-22
20-09-22
03-09-22
03-09-22
01-09-22
01-09-22
09-08-22
09-08-22