hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 31, පෙ.ව. 8:56



තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අද පෙරවරු 7.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 7.00 තෙක් වලංගු වෙනවා.

පහළ වායුගෝලයේ කැළඹිලි සහිත තත්ත්වයක් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින බැවැන් බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 150ට වැඩි ඉතා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම සෙසු ප්‍ර දේශවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.