2026 ජූලි 01, පෙ.ව. 12:19
ගල් අඟුරු ගනුදෙනු විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම අද (01) දිනයේ සිට සාක්ෂි විමසීම ආරම්භ කරයි.
ලැබී ඇති පැමිණිලි 28ක් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් කොමිසමට ඉදිරිපත් කිරීමට පැමිණිලිකරුවන්ට ලබාදී තිබූ කාලසීමාව ඊයේ (30) දිනයෙන් අවසන් වේ.
එම කොමිසම දැනට 100කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එම පිරිස අතර හිටපු අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් වේ.
මෙරට සිදුවු සියලු ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් යුත් පූර්ණ බලැති ජනාධිපති කොමිසම පත් කළේය.
2026 ජූලි 01, පෙ.ව. 12:33
2026 ජූලි 01, පෙ.ව. 12:22
2026 ජූලි 01, පෙ.ව. 12:18
2026 ජූලි 01, පෙ.ව. 12:17
2026 ජූලි 01, පෙ.ව. 12:14
20-05-26
20-05-26
13-04-26
13-04-26
09-04-26
09-04-26