hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 09, ප.ව. 3:06



මේ වනවිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පවතින වායු දූෂණ තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මුඛ ආවරණයක් පළඳින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළා.

මෙම තත්ත්වය සමනය වන තුරු දරුවන් අනවශ්‍ය ලෙස බාහිර පරිසරයට යොමු කිරීමෙන් හැකි පමණ වැළකී සිටිය යුතු බවද ඒ මහතා සඳහන් කළා.

ඒ මහතා මෙසේ ද වැඩිදුරටත් අදහස් දක්වා සිටියා,

“මේ මොහොතේ තිබෙන වායු තත්ත්ව දර්ශකය අනුව මිනිස්සුන්ට හුස්ම ගන්න සුදුසු තත්ත්වයක් නෙමෙයි තිබෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ ප්‍රවේසම් වෙන්න ඕනේ. හෘදයාබාධ, අංශභාග, ශ්වසන රෝගවලට ගොදුරු වෙන්න පුළුවන්. ගැබිනි කාන්තාවන්, ළඳරුවන් සහ වැඩිහිටියන්ට දැඩි බලපෑම් ඇතිවෙන්න පුළුවන්. පුළුවන් තරම් ගෙදරම ඉන්න පුළුවන් නම් හොඳයි. ඇදුම රෝගීන්ට මේ තත්ත්වය ඉතාමත්ම ප්‍රබල ලෙස බලපානවා. මෙවැනි තත්ත්වයකදී මරණයට පවා ලක්විය හැකියි.”