hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 පෙබරවාරි 26, පෙ.ව. 5:15



ඉන්දියාවේ හිමාල කදුවැටිය අශ්‍රිත ප්‍රදේශවලට නුදුරු අනාගතයේදී භූකම්පනයකින් බලපෑම් එල්ල විය හැකි බවට කාලගුණ විද්‍යා බලධාරීන් අනතුරු අගවනවා.

ඔවුන් පවසන්නේ එමගින් උතුරු ඉන්දියාවේ ප්‍රදේශවලට දැඩි හානි සිදුවීමේ හැකියාවක් පවතින බවයි.

විද්‍යාඥයින් පුරෝකතනය පුරෝකථනය කරන පරිදි මෙම භූ කම්පනය කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපක අංක 8 ඉක්මවනු ඇති බවයි.

මෙම පුරෝකතනය සත්‍ය වුවහොත් එහි ප්‍රබලත්වය මෙරටට දැනෙනු ඇති බවයි පැවසෙන්නේ.

ඒ ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 2500කට නුදුරින් ශ්‍රී ලංකාව පිහිටී තිබීම හේතුවෙන්.

මීට වසර දෙකකට පෙර හිමාල ප්‍රදේශයට බලපෑම් රික්ටර් මාපක අංක 5ක භූ කම්පනයක්ද කොළඹ ප්‍රදේශයට දැනී තිබුණා.

වැඩිදුරටත් අදහස් දැක්වූ භූ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා,

“වසර 2කට පෙර හිමාල ප්‍රදේශයේ සිදුවූ කම්පනයේ බලපෑම කොළඹට තදින් දැනුණා. ඒ කම්පනය නිසා මිනිස්සු ගොඩනැගිලිවලින් එළියට ආවා. ඒ ආවේ රික්ටර් මාපාංක 5ක වගේ කම්පනයක්. මෙවර කම්පනය රික්ටර් මාපාංක 8ට වැඩිවෙයි. කලින් සිදුවූ කම්පනය වගේ 100 ගුණයක් ප්‍රබලයි. අපිට දැනෙන ප්‍රමාණයත් 100 ගුණයක් වෙයි. කොළඹට මෙන්ම කම්පනය යාපනයටත් දැනෙයි. තුර්කි – සිරියා භූකම්පන රේඛාවේ ඉන්දියාවේ මේ ප්‍රදේශයත් තියෙනවා. කම්පන අතර සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්. කම්පනය සුළු වේලාවයි දැනෙන්නේ තත්පර ගණනක් තුළ විය හැකි විනාසය විශාලයි. කම්පනයක් දැනුණොත් ගොඩනැගිලි තුළ ඉන්න එපා තැනිතලා භූමිය ආරක්ෂා සහිතයි.”

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ජානක අජිත්ප්‍රේම මහතා මෙසේ සඳහන් කළා, 

“භූ කම්පන එහෙම උපකල්පනය කරන්න බැහැ. අද එනවා හෙට එනවා කියලා. ලෝකයේ සාමාන්‍යයෙන් රික්ටර් මාපාංක 8ක වගේ භූ කම්පනයක් අවුරුද්දට එකක් වගේ වෙයි කියන උපකල්පනයක් සාමාන්‍යයෙන් තියෙනවා. මේ අවුරුද්ද‍ අපි දන්නවා භූ කම්පනයක් වෙලා තියෙන්නේ. රික්ටර් මාපාංක 7.8ක වගේ තුර්කියෙන් මේ මෑතක වුණා. කිසිම ආකාරයේ උපකල්පනයක් කරලා. භූ කම්පනයක් ඇතිවෙයි කියන තත්ත්වය පැවසීමට නොහැකියි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: