hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 අප්‍රේල් 20, ප.ව. 5:24



කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මගී ගුවන් පාලම කඩිනමින් නඩත්තු කිරීමට වගකිවයුතු බලධාරීන් කටයුතු නොකළොත් විශාල ජීවිත අනතුරක් වැලැක්විය නොහැකි වනු ඇතැයි අවට ව්‍යාපාරිකයින් පවසනවා.

වසර 25 කට අධික කාලයක සිට කිසිදු නඩත්තු කටයුත්තක් සිදු කිරීමට අදාල අංශ වල බලධාරීන්ගේ අවධානය යොමු නොවිම හේතුවෙන් මේ වන විට පාලම රඳා පවතින ප්‍රධාන කණු දිරාපත්ව ඇති අතර මෙම පිය ගැට පෙළ ලිස්සන සුළු ගතියක් මෙන්ම ඇතැම් ස්ථානවල තහඩු දිරාපත්ව ඇතැයි ඔවුන් චෝදනා කරනවා.

දිනකට විදේශිකයන් මගි ජනතාව දස දහසක් පමණ දෙනා මෙම පාලම මතින් ගමන් කරන අතර, ජීවිකාව සරිකර ගැනීම සඳහා පාලම මත වෙළඳාමේ යෙදෙන ව්‍යාපාරිකයින් ද ඒ අතර වනවා.

අවට ව්‍යාපාරිකයින් පවසන්නේ වගකිවයුතු බලධාරීන් මගී පාලමට කුඩම්මාගේ සැලකිලි දක්වා පැලැස්තර දැමීමට කාලයක සිට පෙළඹී ඇති බවයි.

එසේ නොව කොළඹ මධ්‍යම පිහිටා තිබෙන මෙම මගී පාලම අත්‍යාවශ්‍ය කටයුත්තක් සේ සලකා ඒ අයුරින් පිළිසකර කර අහිංසක මගී ජනයාගේ ජීවිත ආරක්ෂා කරන ලෙස ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ