hit counter

2026 ජනවාරි මස 25 වන ඉරිදා

2022 ජූලි 08, ප.ව. 9:32



මව්බිමේ නිදහස උදෙසා යතිවර පාරමිතාව නමින් ත්‍රෛනිකායික සංඝරත්නය ඊයේ පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය තවදුරටත් ක්‍රියාත්මකයි.

මෙම මාරාන්තික උපවාසයේ නිරත පූජ්‍ය බැදිවැව දියසේන හිමියන් රෝහල කරා රැගෙන යාමට අද පස්වරුවේ 1990 සුව සැරිය ගිලන් රථ සේවාවෙන් පැමිණියත් උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළා.

පසුව ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව සුව සැරිය ගිලන් රථ සේවාව එම ස්ථානයෙන් පිටව ගියා.

මේ අතර විවිධ ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ද සත්‍යග්‍රහ භූමියට පැමිණියා.