hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:56



එච්.අයි.වී. ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ ස්ථානවල ස්ථාපිත කරන කවුළු හරහා මසකට උපත් පාලන කොපු පනස් දහසක් නොමිලයේ නිකුත් කිරීමට පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් අවසන් දිනය දක්ව HIV ආසාධිතයන් (ඒඩ්ස් රෝගීන්) 16ක් හමුවී ඇති අතර ඉන් 05 දෙනෙකුම ළමයින් බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්.කේ. සරත්චන්ද්‍ර කුමාරවංශ මහතා පවසනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඒඩ්ස් රෝගීන් ගණන 82ක් බවත් වැඩිම පිරිසකට මෙම රෝගය වැලඳි ඇත්තේ සමලිංගික ඇසුර නිසා බවත් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.

මේ හේතුව මත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බස් නැවතුම්පොළවල් හා ප්‍රසිද්ධ ස්ථාන, මහජනයා වැඩි පුර ගැවසෙන ස්ථානවල මෙම කොණ්ඩම් කවුළු ස්ථාපිත කර තිබෙන බවත් එමගින් මෙම වෛරසය ව්‍යාප්ත වීම පාලනය කරගත හැකි මට්ටමක පවතින බවත් හෙතෙම ප්‍රකාශ කළා.