hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 28, පෙ.ව. 7:18



රජයේ ව්‍යාපෘති වෙනුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට ගෙවිය යුතු රුපියල් බිලියන 150ක මුදලක් රජය ගෙවීමට අපොහොසත් වී ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා පැවසුවා.

අවුරුද්දකට ආසන්න කාලයක් රජය එම මුදල ගෙවීමට අපොහොසත් වී ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළා.

එම හේතුව මත සුළු පරිමාණ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් 4000ක් හා ආයතන 100ක පමණ ප්‍රමාණයක් අර්බුදයට ලක්වී ඇති බව ද එම ක්ෂේත්‍රයේ සේවයේ නියුතු සේවකයන්ගේ වැටුප් ගෙවීමට පවා නොහැකි වාතාවරණයක් නිර්මාණය වී ඇති බව ද ඒ මහතා සඳහන් කළා.

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට සම්බන්ධ ලක්ෂ 35ක පමණ ප්‍රමාණයක සෘජු හා වක්‍ර රැකියා, ව්‍යාපාර රජය මුදල් නොගෙවීම මත අර්බුදයට ලක්වී ඇති බව ද සුසන්ත මහතා පැවසුවා.

අදාළ මුදල් ගෙවීමට රජයට නොහැකි වී ඇත්තේ වර්ෂයකට අය වැයෙන් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල්වලට වඩා පමණ ඉක්ම වූ ව්‍යාපෘති සඳහා වන ඉල්ලුම් නොකළ ගිවිසුම්වලට රජයේ නිලධාරීන් එළැඹීම බවද ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: