hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 28, පෙ.ව. 2:18



පසුගිය විසි හතර වෙනිදා කෝප් කමිටුව හමුවේ විමර්ශනයට ගැනුණේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි.

එහිදී එම ආයතනය අයත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරිය රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව කරුණු අනාවරණය කළා.

විගණකාධිපති: අධ්‍යක්ෂක, ඉඩම් කැණීම්, පරිසර කියන ඒ නිලධාරී මහත්මයා සම්බන්ධයෙන් සිදුවෙලා තියෙන විනය පරීක්ෂණය. දැන් මේ විනය පරීක්ෂණය කරලා යම්කිසි ආකාරයක දඬුවමක් නියම කරලා තියෙන අවස්ථාවක, නැවතත් ඔහුව ඒකට අවශ්‍ය වන චෝදනා පත්‍රයක් නිකුත් කරලා තියෙන අවස්ථාවක, සියලුම නිදොස් කොට නිදහස් කරනවා. විධිමත් විනය පරීක්ෂණයක් යන අතරතුර චෝදනාවට ලක් වෙච්ච නිලධාරියා යම්කිසි අභියාචනයක් කරනකොට ඒක සැලකිල්ලට අරගෙන අභ්‍යන්තර විගණකට මේක පරික්ෂා කරන්න කියලා ඉවරවෙලා.

කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරිය: ගරු සභාපතිතුමනි ඒක වැරදියි. සම්පූර්ණයෙන්ම මමත් ඒක විමර්ශනය කරා. ඒ වගේ දෙයක් කරන්න බෑ. සභාපතිතුමනි, ඇත්තටම මෙතන ප්‍රධාන ගණන් දීමේ නිලධාරී විදියට මම මේ ආයතනවල දේවල් කටයුතු සොයනවා. මම ඔබතුමාට වෙනමම පැහැදිලි කරන්නම් මේකෙදි වෙනම ප්‍රශ්නයක් දැන් මතුවෙලා තියෙනවා. පැහැදිලිවම මට ඇමතිතුමා කියලා තියෙනවා මේ ආයතනය ගැන බලන්න එපා කියලා. චාමර සම්පත් ඇමතිතුමා මේ ආයතන දීලා තියෙනවා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විදියට මට කිසි වගකීමක් නැහැ. ඒවා ගැන බලන්න එපා කියලා. ඒක නිසා මම ඊයේ මම ජනාධිපති ලේකම්තුමාටත් මේක දැනුම් දුන්නා. මොකද ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විදියට මගේ වගකීමෙන් ඩීරිවෙක් වෙන්න මට බැහැ. මොකද මම වගකිවයුතු රාජ්‍ය නිලධාරියෙක්.