hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මැයි 04, පෙ.ව. 4:35



මේ දිනවල පැතිර යන උණ තත්ත්වය ගැන වෛද්‍ය සංගමය විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනවා.

ඔවුන් පවසන්නේ මේ දිනවල පැතිර යන උණ තත්ත්වය කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් විය හැකි බවයි.

එම රෝගයේ ස්වභාවය අනුව එලෙස විවිධ ප්‍රභේදය ඇති විය හැකි බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, සභාපති, විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා පවසන්නේ.

“මේ රෝගයේ ස්වභාවය එහෙමයි. අලුත් ප්‍රභේද ඇති වෙනවා. ප්‍රභේද පිළිබඳව අපිට හරි අවබෝධයක් නෑ. ප්‍රභේද පිළිබඳ විශ්ලේෂණයක් කරලා ඒවා වාර්තා ලැබෙන්න කල් යනවා. ඉන්දුනීසියාව, වියට්නාමය, සිංගප්පූරුව වැනි හැම රටකම වැඩිපුර කොවිඩ් රෝගීන් වාර්තා වෙනවා. නමුත් අපි කලබල විය යුතු නෑ. විශේෂයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා වගේ පැතිර යන නිසා, ඒවා කොවිඩ් රෝගයෙන් වෙන්කර හඳුනාගැනීමට අමාරු නිසා කොවිඩ් කාලයේ පිළිපැදපු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ඒ විදියටම අපි පිළිපැදීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම මුව ආවරණයක් නිසි ලෙස පැලඳීම ඉතාම වැදගත් වෙනවා.”

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, පවතින වර්ෂාපතනය හමුවේ වෛරස් රෝග කිහිපයක් පැතිර යමින් පවතින බවයි.

මෙම වෛරස් රෝගවල රෝග ලක්ෂ එක හා සමාන බැවින් එකිනෙකට වෙන් කර හඳුනාගැනීම ද අපහසු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් ජනතාව තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පැලඳීම, දෑත් පිරිසුදුව තබා ගැනීම යනාදි සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදිය යුතු බව ද වෛද්‍යවරු ප්‍රකාශ කරනවා.