2025 ජූනි 13, පෙ.ව. 12:02
දැනට ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව දැනුම් දෙනවා.
පසුගිය සති කිහිපයේදී ආසියානු රටවල් කිහිපයක COVID – 19 ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණු බවත්, මෙම තත්ත්වය යටතේ ප්‍රජාව තුළ රෝගයට මුහුණ දීමේ ඇති හැකියාව අඩුවීම ඇතුළු සාධක කිහිපයක් හේතු විය හැකි බවත් අමාත්‍යංශ ලේකම්වරයා එම නිවේදනයෙන් පෙන්වා දෙනවා. එම නිවේදනයේ දැක්වුණේ මෙය සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික මට්ටමින් සූදානම් වීම සහ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ත්‍රීව්‍ර කර ඇති බවයි.
ලේකම්වරයාගේ නිවේදනයට අනුව COVID – 19 සඳහා සායනික සාම්පල පරීක්ෂා කරනු ලබන ඒකාබද්ධ ශ්වසන ආවේක්ෂණය රට පුරා තෝරාගත් රෝහල් වල අඛණ්ඩ ව සිදුවෙමින් පවතී. එමෙන්ම ආවේක්ෂණයට අනුව දැනටග COVID – 19 රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් නොකරන බවද සදහන්. තවද ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි වසංගත තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීමට අවශ්‍ය රසායනාගාර ආවේක්ෂණ පද්ධතිය ද සක්‍රීයව ක්‍රියාත්මක වන බව ද නිවේදනයේ දැක්වෙනවා.
2025 ජූනි 13, පෙ.ව. 11:41
2025 ජූනි 13, පෙ.ව. 6:07
2025 ජූනි 13, පෙ.ව. 12:10
2025 ජූනි 13, පෙ.ව. 12:08
2025 ජූනි 13, පෙ.ව. 12:07
11-06-25
11-06-25
07-06-25
07-06-25
05-06-25
05-06-25
04-06-25
04-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25
30-05-25
30-05-25
06-02-25
06-02-25
30-06-24
30-06-24
09-05-24
09-05-24
21-04-24
21-04-24
12-04-24
12-04-24