hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 26, පෙ.ව. 7:34



යළිත් රට තුළ කොවිඩ් රෝගය පැතිරයාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පැවසුවේ රෝගීන් වැඩිවීමත් සමඟ මරණ සංඛ්‍යාව ද ඉහළ යාමක් සිදුවිය හැකි බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා මේ තොරතුරු සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොවිඩ් 19, ඩෙංගු අවදානම සහ වඳුරු උණ (Monkey Pox) පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

මේ හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වීම, සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කිරීම හා එන්නත්කරණය අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

මේ අතර නිසි එන්නත්කරණය හා යහපත් සෞඛ්‍යය පුරුදු පවත්වාගෙන යාම නිසා අප රටේ පසුගිය කාලය තුල කොවිඩ් 19 වසංගතය පැතිරීම පාලනය කර ගැනීමට හැකිවූ බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

නමුත් ගෝලීය වශයෙන් වසංගතය ව්‍යෘප්තිය වැඩිවීමත් නව ප්‍රභේද ඇති වීමත් සමග නැවත රට තුල කොවිඩ් 19 වසංගතය උත්සන්න වීමේ අවධානමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

විශේෂඥයින් පවසන පරිදි ඔමික්‍රෝන් ප්‍රභේදයේ අනු ප්‍රභේද වඩාත් ක්‍රියාකාරී වන නිසා ඉක්මනින් සමාජය තුල වසංගතය පැතිර යාමේ හැකියාවක් පවතිනවා.

මෙම තත්ත්වය පාලනය කිරීමට සමාජය තුල රෝගය පැතිරීම වළක්වා ගත යුතු වන අතර කොවිඩ් රෝගය සමාජගත වීම වැළැක්වීම ජනතාව අනුගමනය කළයුතු ක්‍රමවේද දෙකක් පිළිබඳව ද වෛද්‍යවරයා ජනතාව දැනුවත් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: