hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 06, ප.ව. 2:45



කොවිඩ් – 19 තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබෙනවා.

කොවිඩ් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීම සැළකිල්ලට ගනිමින් එම තීරණයට එළඹි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

කොවිඩ් -19 ආසාදිතයින් රෝහල්ගත වීම සහ දැඩිසත්කාර ඒකකවලට ඇතුළුවීම කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බව ද එම සංවිධානය සඳහන් කරනවා.

එමෙන්ම ගත වූ මාස කිහිපය තුළ ලෝක ජනගහනය තුළ කොඩිඩ් වෛරසයට මුහුණ දීම සඳහා සැළකිය යුතු ප්‍රතිශක්තිකරණයක් වර්ධනය වී ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ.

ගත වූ වසර 03 ක කාලය තුළ කොවිඩ් ආසාදිතයින් සීඝ්‍ර ලෙස ඉහළයාම හේතුවෙන් කොවිඩ් වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබුණා.

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක මණ්ඩලය රැස් වීමෙන් පසු කොවිඩි ව්‍යාප්තියේ වර්තමාන තත්ත්වය පිළිබඳ සිදුකළ පුළුල් අධ්‍යයනයකින් අනතුරුව එය තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.