hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 26, පෙ.ව. 2:14



සංස්ථාව සතු බෙදාහරිනන්ගේ  පිරවුම්හල් හා භාණ්ඩාගාරයට අයත් බෙදාහරිනන්ගේ පිරවුම්හල්වලින් මාසික උපයෝගිතා ගාස්තුවක් අයකරගැනිමට තින්දු කළද එම තිරණය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක නොවිම නිසා ඉකුත් වර්ෂ පහක කාලය තුලදී ඛණිජතෙල් නිතිගත සංස්ථාවට රුපියල් මිලියන 1900කට වඩා පාඩුවක් වි ඇති බව ජාතක විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වනවා.

ඛණිජතෙල් නිතිගත සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිරණයට අනුව 2014 ජනවාරි මස සිට මෙකී මාසික උපයෝගිතා ගාස්තුව අයකිරිමට අනුමැතිය ලබාදි තිබුණා.

කෙසේවුවද මාසික උපයෝගිතා ගාස්තුව අයකරගෙන තිබුණේ අලෙවිකරුවන් 248 දෙනෙකු අතුරින් 11 දෙනෙකුගෙන් පමණයි.

එම නිසා 2014 වර්ෂයේ සිට සංස්ථාවට වාර්ෂිකව රුපියල් මිලියන 300කට වඩා ආදායමක් අහිමිවි තිබු බවද විගණන වාර්තාවේ සදහන්.

දළ වශයෙන් 2014 වර්ෂයේ සිට 2019 දක්වා කාලය තුල සංස්ථාවට රුපියල් මිලියන 1900කට වඩා අලාභයක් වි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා. මාසික උපයෝගිතා ගාස්තු අය කරගැනිමට සංස්ථාව විසින් ඵලදායි පියවරක් ගෙන නොමැති බවද විගණන වාර්තාවේ දැක්වෙනවා.

මේ සදහා වගකිවයුතු පාර්ශවයන්ගෙන් සංස්ථාවට සිදුවී ඇති පාඩුව අය කරගැනිම සදහා සුදුසු ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශ කොට තිබෙනවා.

කෙසේවුවද මේ සම්බන්දව සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලය අලෙවිකරණය විසින් කරනු ලැබු නිර්දේශයන්ට එකඟ වී නැති බවයි.

පෙර ගෙවිමේ තීරණයේ අපහැදිලි බව හා පරස්පර බව සඳහන් කරමින් මෙම ගෙවිම් පිළිබද සියලු තිරණ අවලංගුවී ගොස් ඇති බවද විගණනයට සදහන් කොට තිබෙනවා.

2019 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණා.