hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 15, පෙ.ව. 2:11



චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය සඳහන් කරන්නේ ඇතැම් කාන්තාවන්ගේ ආකල්පමය ගැටලු හේතුවෙන් සම සුදු කිරීම සඳහා භාවිත කරන අලේපන නිසි සොයා බැලීමකින් තොරව භාවිත කිරීමට පෙළඹී ඇති බවයි.

ආලේපන විශාල සංඛ්‍යාවක් විකිණීමට තිබ්බත් කිසිවෙකුත් එහි ප්‍රමිතිය පිළිබඳව සොයා බැලීමක් නොකරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

වෛද්‍යවරිය ප්‍රකාශ කළේ බොහෝ දෙනා සැලකිලිමත්වෙන්නේ එම ආලේපනයෙන් කොපමණ සුදු වනවා ද යන්න සහ ඉක්මනින් සුදු විය හැකිද යන කාරණා ගැන මිස එය ආරක්ෂිත ද? රෙජිස්‍ටර් කර තිබේද යන්න ගැන නොවන බවයි.

එමෙන්ම සුදු කියන්නේ මිථ්‍යාවක් පමණක් බවත් වර්තමානය වන විට එය සම්පූර්ණයෙන්ම උන්මාදයක් වී අති බවත් ඇය සඳහන් කර සිටියා.

වෛද්‍යවරිය මෙම අදහස් පළ කළේ ඊයේ (14) සෞඛ්‍ය කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඇය මෙසේ ද අදහස් දක්වා සිටියා.

“අපි අන්තර්ජාලයට ගිහින් බැලුවොත් මෙන්න මේ ආලේපනය විකුණනවා කියලා කිව්වොත් ඒකට යටින් තියෙන කමෙන්ට්වල මම දැකලා තියෙන්නේ, එකම දේ තමා “කොච්චර ඉක්මනට සුදුවෙනවා ද? ගාණ කීයද ?” කිසිම කෙනෙක් අහන්නේ නෑ මේකේ මොනවා ද තියෙන්නේ කියලා. කිසිම කෙනෙක් අහන්නේ නෑ මේක ආරක්ෂිත ද? මේක රෙජිස්ටර් කරලා ද? අනුමැතියක් ලැබිලා තියෙනවා ද කියලා. ඒ වගේ දෙයක් ඇහුවත් අහන්නේ අපි වගේ අය. ඔන්න ඔතැන තමා තියෙන්නේ ගැටලුව. ලස්සන කියලා කියන්නේ සුදුයි කියන මිත්‍යාවට, ඒ උන්මාදයට අපි පත්වෙලා තියෙනවා. ඒක එන්න එන්න වැඩිවුණා. හිමින් සුදුවෙන්නත් බෑ. ගොඩක් සුදුවෙනවා නම් වඩා හොඳයි. ඒ තරම් කැමැත්තෙන් ඉන්නේ. අපි කෙනෙක්ට දෙයක් නිර්දේශ කරද්දි අපි සුදුකරන්න යන්නේ නෑ. අපි පාට වෙනස් කරන්න උදව් කරනවා නම් ඒක අපි කරන්නේ හෙමින්.”