hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මාර්තු 28, පෙ.ව. 9:51



මඩ පොහොර ලබාගැනීමේ ලියවිල්ලට අත්සන් නොකිරීම හේතුවෙන් උරණ වූ පුද්ගලයකු ඊයේ (27) උදෑසන කෘෂි නිලධාරිනිය සිය නිවස ඉදිරිපිටින් යන අවස්ථාවේ ඇයට මන්නා පිහියකින් පහර දී කපා කොට ඝාතනය කර ඇතැයි තංගල්ල පොලිසිය පවසනවා.

ගොවි ණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත තංගල්ල වැලිආර ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ නිලධාරිනියකගේ ගෙල කපා ඝාතනය කළ පුද්ගලයකු තංගල්ල පොලිසිය මගින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෘෂි පර්යේෂණ නිලධාරිනිය ඊයේ පෙරවරු 8.00 ට පමණ සිය රාජකාරිය සඳහා යමින් සිටියදී ඇය ලුහුබැඳ ගොස් ඇති සැකකරු ඇගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර පලාගොස් ඇති බව වාර්තා වෙනවා.

පසුව ප්‍රදේශවාසීන් විසින් ඇය රෝහල්ගත කළත් ඒ වන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග පැවසුවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

සැකකරු ගොවිතැන සිය ජීවිකා වෘත්තිය ලෙස කරගෙන යන අයෙක්.

ගොවි ණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍යකරන ලිපියක් ලබාදීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ඔහු හා කෘෂි නිලධාරිනිය අතර ආරවුලක් තිබී ඇති අතර මෙම ආරවුල මුල්කරගෙන සැකකරු අවස්ථා කීපයකදීම කෘෂි නිලධාරිනියට තර්ජනය කර තිබෙනවා.

පෙරේදා (26) රාත්‍රි කාලයේදී සැකකරු ඇගේ නිවසට ගොස් තර්ජනය කර තිබුණා.

ඝාතනයට ලක් වූ කෘෂි නිලධාරිනිය 30 හැවිරිදි වියේ පසුවන විවාහක කාන්තාවක්.

ඇය ඝාතනය කළ පුද්ගලයා සජබ අපේක්ෂයෙක් බවටද තොරතුරු වාර්තා වෙනවා.