hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මාර්තු 30, ප.ව. 2:31



රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයේදී අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ තරුණිය දූෂණයට ලක්ව නොමැති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබෙනවා.

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ විශේෂඥ වෛද්‍ය මුදිත කුඩාගම මහතා විසින් සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් එම තරුණියගේ සිරුරේ කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වෙනවා.

මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ ඇයගේ මරණය ගෙළ සිරකිරීමකින් සිදුවූවක් නොවන බවයි.

එසේම ඇයගේ සිරුරේ තැලුම් තුවාළ හෝ නොමැති බවද එහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

මළ සිරුර සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදෙමින් ඥාතීන් වෙත නිදහස් කිරීමට මේ වනවිට පියවර ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇයගේ ජංගම දුරකතනය තවදුරටත් අතුරුදන්ව ඇති බවයි.

සචිනි ජිනාදරී නමැති 25 හැවිරිදි වියේ පසුවූ රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි එම තරුණියගේ අභිරහස් මළ සිරුර ඇගේ නිවස අසළම ඇළ මාර්ගයක තිබී 27 වනදා සොයා ගෙන තිබුණා.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ සචිනි රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත සිට ඇත.

ඊයේ දිනයේ ඇය සුපුරුදු පරිදි අදත් උදෑසනින් රැකියාවට පිටත්ව ගොස් තිබුණා.

සචිනි පිළිබඳ තොරතුරක් නොවූයෙන් ඇතිවූ සැකය මත පවුලේ ඥාතීන් ඒ ගැන පොලීසිය දැනුවත් කිරීමෙන් පසු සිදුකළ සෝදිසියේ දී ඇගේ මළසිරුර මෙලෙස හමුවී තිබෙනවා.

ඒ සචිනිගේ නිවසට යාබද ඇළ මාර්ගයක තිබියදීයි.