hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 07, පෙ.ව. 10:30



ජාතික ජන බලවේගයේ දඹුල්ල ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයාට පහර දුන්නේ යැයි චෝදනාවකට එජාප හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී හා සජබ නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයෙකු වූ තිස්ස බණ්ඩාර හේරත් මහතා අද (07) පෙරවරුවේ දඹුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරකෑමට ලක්ව ඇති ජාතික ජන බලවේගය දඹුල්ල නියෝජිතයකු වූ වසන්ත රාජමන්ත්‍රී මහතා මේ වන විට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

තුවාල ලැබූ සංවිධායකවරයාට හට පහර දුන් හිටපු පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතාගේ තවත් දෙදෙනෙකු  අත්අඩංගුවට ගැනීම් සඳහා විශේෂ පොලිස් ණ්ඩායමක් විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි දඹුල්ල පොලිසිය සඳහන් කළා.

පහරකෑමට ලක්ව දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන වසන්ත රාජමන්ත්‍රී මහතා කියා සිටියේ ඊයේ (06) පවත්වන්නට යෙදුණු හර්තාල් ව්‍යාපාරයේදී හිටපු පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා එම ස්ථානයට පැමිණ හර්තාල්  ව්‍යාපාරයට සම්බන්ධ වීමට හැකි දැයි තමා ගෙන් විමසූ බවත් පසුව මෙය සංවිධාන කටයුතු කරන සභාපතිවරයෙකු සිටින නිසා ඔහුගෙන් විමසන ලෙස තමන් තිස්ස බණ්ඩාර හේරත් මහතාට දැනුම් දුන් බවයි.

පසුව තමන් හර්තාල් ව්‍යාපාරය අවසන් කොට නිවෙස බලා ගමන් කරමින් සිටියදී තිස්ස බණ්ඩාර හේරත් මහතා දුරකථන ඇමතුමක් ලබාදී දැඩි ලෙස බැණ වදිමින් තර්ජනය කළ බව ද හෙතෙම ප්‍රකාශ කළා.

පසුව තමන් නිවසේ රැඳී සිටින අවස්ථාවේදී රාත්‍රි 9:30 ට පමණ තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග නිවසට ඇතුළු වූ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා සහ අනෙක් දෙදෙනා තමාව පැහැරගෙන යෑමට උත්සාහ කළ බවත් පසුව මන්ත්‍රීවරයා සහ අනිකුත් දෙදෙනා එක්ව තමන්ට නිවස තුළම පහර දී තම අත තිබූ ජංගම දුරකථනයද රැගෙන පලා ගිය බව ඔහු පැවසුවා.

තමන්ට බැන මරණ තර්ජනය සහ පහර දෙන බව තර්ජනය කිරීම් සිද්ධිය සම්බන්ධයෙන් ඒ වන විටත් දඹුල්ල මූලික මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද ඒ මහතා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඊයේ  රාත්‍රියේම එම ප්‍රදේශයට යොදවා තිස්ස බණ්ඩාර හේරත් මහතා අත්අඩංගුවට ගැනීමට ගිය ද රාත්‍රියේ ඒ මහතා නිවසේ නොසිටි බවයි.

ඒ අනුව ජංගම දුරකථනයට කතා කොට වහාම පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දීමත් සමග තිස්ස බණ්ඩාර හේරත් මහතා අද උදෑසන පොලිසියට පැමිණි අවස්ථාවේ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා පොලිසියට ප්‍රකාශ කළේ මෙම හර්තාලයට තම පාක්ෂිකයන් සහ හිතවතුන් පවා යොමු කොට තිබියදී තමන්ට එම ස්ථානයට සහභාගිවීමට ඉඩ ලබානොදීම නිසා මෙම බහින් බස් වීමක් ඇති වූ බවයි.

ඒ අනුව ගැටලුැටළුව විසඳාගැනීම සඳහා තමන් වසන්ත රාජමන්ත්‍රීවරයාගේ නිවසට ගිය බවත් එහිදී දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වූ බව ඔහු පොලිසියට ප්‍රකාශ කොට තිබෙනවා.

ජංගම දුංගම දුරකතනයක් පැහැර ගැනීමක් සිදු නොකළ බවද තිස්ස  බණ්ඩාර හේරත් මහතා පොලීසියට කළ ප්‍රකාශයේ සඳහන්.

අත්අඩංගුවට පත් හිටපු පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන්ට නියමිතයි.

මෙම සිද්ධිය වාර්තාවීමත් සමග වසන්ත රාජමන්ත්‍රී මහතාගේ මිතුරන් සහ ජාතික ජනබලවේගයේ නියෝජිතයන් රැසක්   රෝහල අසල හා පොලීසිය ඉදිරිපිට රැඳී සිටිනු දැක ගැනීමට හැකි වුණා.

දඹුල්ල – කාංචන කුමාර





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: