hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූලි 28, පෙ.ව. 9:50



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.

ඒ අනුව අද(28) පෙරවරු 11.00ට ජානකී හෝටලයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිතයි.

ඉදිරි දේශපාලන තීන්දු පිළිබඳවත් විශේෂ කාරණා කිහිපයක් පිළිබඳවත් එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තා වනවා.

එම කණ්ඩායමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පමණ ඇතුළත් වන බව ද පැවසෙනව‍ා.

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට මහාචාර්ය ජී. එල්. පීරිස්, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ට අමතරව පොදුජන පෙරමුණේ හෘද සාක්ෂියට එකඟ මන්ත්‍රී කණ්ඩායම් ද ඇතුළත්වනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කණ්ඩායම ඉදිරියේ දී නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින බව දැනගන්නට තිබෙනවා.