hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මැයි 05, පෙ.ව. 11:18



වෙසක් මහෝත්සවයට සමගාමීව දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට අදාළ සන්දේශයක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පියවර ගෙන තිබෙනවා.

මෙම වැඩපිළිවෙළට අනුව දහම් පාසල් නොයන දරුවන් හඳුනාගෙන ඔවුන් දහම් පාසල් වෙත යොමු කිරීම ටද අවධානය යොමුව තිබෙනවා.

පුද්ගලයන් තුළ ඉවසීම, හික්මීම, නොමැතිකම ආගම දහමට ළැදියාව අඩුවීම වැනි තත්ත්වය තුළ සමාජයේ ඇතිවී තිබෙන නොයකුත් විෂමතාවන් අවම කර යහපැවැත්මෙන් යුත් සමාජයක් බිහි කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණවී තිබෙනවා.

මෙම වැඩපිළිවෙළට සමගාමීව දහම් පාසල් ගුරුවරුන්ගේ දැනුම වර්ධනය කිරීමට ද නියමිත අතර එම ගුරුවරුන් මගින් දරුවන්ට බණ භාවනා ඇතුළු දහම් අවබෝධය ලබා දීමට නියමිතයි.

දරුවන් දහම් පාසල් අධ්‍යාපනයෙන් ඈත්වීමට හේතුව කුමක් දඩ යන්න පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය පියවර ගැනීමට ද අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවා.