hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 22, ප.ව. 1:34



තමා පාර්ලිමේන්තුවට පැමිණියේ රටට වැඩක් කිරීමට බව ධම්මික පෙරේරා මහතා පවසනවා.

තමා දිවුරුම් දීමට පෙර තම වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දුන් බවත් තමන්ගේ බදු නිෂ්කාශන සහතිකයද කතානායකවරයාට ලබාදුන් බවයි ඔහු ප්‍රකාශ කළේ.

රටට ප්‍රශ්නයක් නිසා තමන් පාර්ලිමේන්තුවට පැමිණි බවත් එම ගැටලුව සඳහා විසඳුම් සෙවීම තමාගේ කාර්ය භාරය බවයි එහු සඳහන් කළේ.

තමාගේ දායකත්වය සම්පූර්ණයෙන් රටට ලබාදෙන නිසා තමාට කුමන අමාත්‍යංශයක් ලැබුනද තමා එම අභියෝගය භාරගන්නා බවයි ධම්මික පෙරේරා වැඩිදුරටත් සඳහන් කළා.

“රටට වැඩක් කරන්න තමයි මම මෙතනට ආවේ. මම පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන්නේ ඉස්සරවෙලා මගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දුන්නා කතානායකතුමාට. ඒ වගේම මගේ ටැක්ස් ක්ලියරන්ස් සහතිකයක් මම ලබා දුන්නා කතානායකතුමාට. මම හිතනවා එතනින් වෙනසක් සිදු වෙයි කියලා. රටට ප්‍රශ්නයක් තියෙන හින්දා තමයි මම පාර්ලිමේන්තුවට ආවේ. දැන් ප්‍රශ්නයට විසඳුම් හොයන එක තමයි මගේ කාර්යභාරය වෙන්නේ. මම හිතනවා මට ඒක කරලා ජයගන්න පුළුවන් වෙයි කියලා. මම හිතනවා හොඳ අමාත්‍යංශයක් භාර දෙයි කියලා. ඉතින් කොහොම වුනත් මගේ දායකත්වය මම සම්පූර්ණයෙන්ම රට ගැන බලලා තියෙන නිසා මට කොයි අමාත්‍යාංශය ලැබුණත් මට ඒකට දායකත්වය ලබාදෙන්න. වගකීම බාරගන්න තමයි මම ඇත්තටම ආවේ. අභියෝග තියෙන කොට එන එකේ ලස්සනක් තියෙනවා. ඒ කියන්නේ ගඟක් වුණත් ගලනකොට දිය ඇලිනේ ලස්සන. අභියෝගත් එක්ක තමයි හැම දෙයක්ම ජයගන්න පුළුවන්.”