hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මැයි 26, ප.ව. 4:47



එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන සියලුම දන්සල් ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල තුළ ලියාපදිංචි කර ගන්නා ලෙස මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා එම සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

එසේ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව අදාළ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම දන්සල් පරීක්ෂා කර බලා ඔවුන්ට අවශ්‍ය උපදෙස් සහ සහාය ලබාදෙනු ඇති බවද පොසොන් පොහොය නිමිත්තෙන් වන්දනාමාන කටයුතු සඳහා ගමන් ගන්නා බැතිමතුන්ට සුරක්ෂිත ආහාර ලබාදීම සඳහා එම සංවිධායකවරුන් දිරිගැන්වීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවද ඔහු පැවැසුවා.

ඉකුත් වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා සංවිධානය කර තිබූ දන්සල් 9,182ක් අදාළ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක්කළ බවද ඒ අතරින් දන්සල් 3,707 අනතුරුදායක තත්ත්වයේ තිබූ හෙයින් ඒවා නිසි ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය උපදෙස් හා අවවාද ලබාදුන් බවද ඔහු සඳහන් කළා.

තවද දන්සල් 1007ක පිසින ලද ඇතැම් ආහාර වර්ග මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු හෙයින් මෙම ආහාර ඉවත් කර එම දන්සල් පවත්වාගෙන යෑමට ඉඩ ලබා දුන් බවද සභාපතිවරයා සඳහන් කළා.

පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන සියලුම දන්සල්ද ඒ ආකාරයට පරීක්ෂා කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවැසුවා.