hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මැයි 05, පෙ.ව. 4:28



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් ගෙවිය යුතු බවට අධිකරණය හමුවේ ඔහුගේ නීතිඥවරයා විසින් තර්කයක් ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥයා පවසා ඇත්තේ සිය නඩු විභාගය දිගින් දිගටම ප්‍රමාද වීම හමුවේ මෙම නඩු ගාස්තුව අදාළ බලධාරීන් විසින් ගෙවිය යුතු බවයි.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණයකදී ඊයේ (04) ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ධනුෂ්කගේ නීතිඥයින් මෙම තර්කය ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලකගේ වෙනුවෙන් ඇප ඉල්ලීම තවත් සති දෙකක කාලයක් දක්වා කල් දැමීම හේතුවෙන් ඔහුගේ නීතිඥයින් මේ බව පෙන්වා දී ඇති බව සඳහන් වෙනවා.

මෙහිදී ඔහුගේ නීතිඥවරුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ධනුෂ්ක ගුණතිලකගේ විදෙස් ජාතිකයෙකු බවත් දිගු කාලයක් තිස්සේ එරට නඩු කටයුත්තකට සම්බන්ධ වීම හරහා මේ වන විට මහත් අපහසුතාවයට පත්ව ඇති බවයි.

මේ අනුව නඩුව ලබන 18 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

පසුගිය වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානයට සහභාගීවීමට පැමිණි අවස්ථාවේදී සිඩ්නි නුවර තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙනුයි ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන මේවන විට ඇප මත මුදා හැර සිටිනවා.