hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 22, පෙ.ව. 10:33



හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට ලබන 24 වනදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිටින ලෙසට දැනුම් දීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (21) දිනයේත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙසට දැනුම් දී තිබුණත් හිටපු නීතිපතිවරයා අදත් එහි පැමිණ නොතිබුණි.

ඒ අනුව ලබන 24 වනදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටියහොත් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන බවට හිටපු නීතිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

පාස්කු ඉරුදින විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ගැනීමට පසුගිය 19 වනදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණත් දප්පුල ද ලිවේරා මහතා එදින එම කොට්ඨාසය හමුවේ පෙනීසිට නොතිබුණි.

කෙසේවෙතත් නීතිඥවරයෙකු මාර්ගයෙන් නෛතික විරෝධතාවයක් ගොනු කිරීමට හිටපු නීතිපතිවරයා එදින කටයුතු කර තිබුණා.