hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 18, ප.ව. 5:17



හෝමාගම ප්‍රදේශයේ ගැවසෙන  මුව රංචුවෙන් කීපදෙනෙකු ඉකුත් දින දෙකක පමණ කාලයක් තුළදී හිටිහැටියේ මියයාමෙන් අනතුරුව මුවන් දෙදෙනකුගේ හිස් වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු  කර සිදු කරන ලද පරීක්ෂණවලදී  එම සතුන් දෙදෙනාටම ජලභීතිකා රෝගය වැළඳී මියගොස් ඇති බවට අනාවරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එල්.ඩි.කිත්සිරි මහතා පැවසුවා.

වෛද්‍යවරයා එසේ පැවසුවේ  එම ප්‍රදේශයේ සිදු කළ සංචාරයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

මුවන් දෙදෙනෙකුට ජලභීතිකා රෝගය වැලඳී ඇති බව එම පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නා.

මේ පිළිබඳ පිළිබඳ අදහස් දැක්වූ වෛද්‍ය අධ්‍යක්ෂ කිත්සිරි මහතා කියා සිටියේ,

“මෙය ජනතාව අතර පැතිරීමක් පිළිබඳව බියක් ඇති කරගත යුතු නැහැ. ප්‍රදේශයේ ජනතාව දැනුවත් කර තිබෙනවා. ප්‍රදේශයේ සුනඛයින් එන්නත් කිරීමත් ආරම්භ කළා. ජලභීතිකාව බල්ලන්ගෙන් පමණක් නොව මුගටියන්, කලවැද්දන් ඇතුළු වෙනත් සතුන්ගෙන් ඇතිවන්නට පුළුවන්. මේ පිළිබඳව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ සොයා බලනවා. කෙසේ වෙතත් ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතුයි. මෙම මුව රංචුවෙන් මුවන් තමන්ගේ ගෙවතු වලට පැමිණ තිබෙනවා නම් ඔවුන් ආහාරයට ගත් සහ කෙළ ඇති ස්ථාන පිළිබඳ අවධානය යොමු කරලා කටයුතු කරන්න.”