hit counter

2026 ජූනි මස 07 වන ඉරිදා

2023 මැයි 25, ප.ව. 5:17



සංචාරක වීසා බලපත්‍රයක් මත මැලේසියාවට ගොස් එහිදී රැකියාවක නිරතවූ බව කියන 44 හැවිරිදි කාන්තාවක පසුගිය 23 වන දින රාත්‍රියේ එරට තට්ටු ගොඩනැගිල්ලකින් ඇද වැටී මරණයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කොබෙයිගනේ පදිංචිව සිටි මාකලන්දනගේ දොන් රේණුකා නිලන්ති බණ්ඩාර නමැති 44 හැවිරිදි විවාහක එක් දරු මවක්.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ජාඇල ප්‍රදේශයේ  විදේශ රැකියා සපයන්නෙකු මාර්ගයෙන් ඇය සංචාරක වීසා මත මැලේසියාව බලා ගොස් ඇති බව වාර්තා වෙනවා.